රමණි බුලතිසිණ්හල මහත්මිය විසින් ලියන ලද සසර සර නවකතාව ආත්ම දෙකක් පසුබිම් කරගෙන ලියන ලද්දකි. මෙම පොත කොටස් දෙකකින් සමන්විත වේ. අවසානය දක්වාම එක ලෙස රසවිදිය හැකි කතාවකි. එතුමියගේ භාෂා විලාසයද සිත් ගන්නා සුළුය. අනූෂා, අනූෂරී, කාවින්ද හා ශාවින්ද යන චරිත වල පෙර ආත්මයෙන් ගෙන එන චරිත ලක්ෂණ සහ කතාව ගලායන ආකාරය ආකර්ෂණීයය. කාල වකවානූ දෙකකදී ගලා යන කතාවකි. පොතේ අවසානය දක්වාම පාඨකයාව කුතුහලයෙන් රදවා තබයි. කතාව පුරාවටම යුගයන් දෙකක සහ විවිධ සමාජ මට්ටම් වල සිටින පුද්ගලයකගේ හැසිරීම් රටාවන් මනාව විස්තර කොට ඇත. සෑම දෙනාටම එක සේ කියවා රසවිදිය හැකි පොතකි.

No comments:
Post a Comment